මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් සමත් වී තිබෙනවා.
ඒ, කාන්තා කේවල අවසන් තරඟයේ දී අමෙරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා පරාජය කරමින්.
ඊගා ශ්වියොන්ටෙක් මෙම අවසන් තරඟය ජයගත්තේ තරඟය වට 02ට බිංදුවක් ලෙසයි.
ලන්ඩන්හිදී පැවති මෙම තරඟයේ වට දෙකම ශ්වියොන්ටෙක් ජය ගත්තේ ලකුණු 06ට 0ක් ලෙසවීමද විශේෂත්වයක් වනවා.
මේ වනවිට කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැඳී සිටින ඊගා ශ්වියොන්ටෙක් ජයගත් පළමු විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ද මෙය වනවා.
මේ අතර, 2021 වසරේ ඉතාලි විවෘත අවසන් තරඟයේ දී එම ලකුණු රේඛාවෙන්ම හිටපු අංක එකේ ක්‍රීඩිකා කැරොලිනා ප්ලිස්කෝවා පරාජය කිරීමට ස්වියාටෙක් සමත් වුණා.
මේ වසරේ පමණක්, දයානා යස්ට්‍රවේස්කා, එමා රඩුකානු, බෙලින්ඩා බෙන්සික් සහ වික්ටෝරියා අසරෙන්කා ඇතුළු ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ස්වියාටෙක් හමුවේ තරඟවට දෙකක දී ලකුණු 6ට 0 ක් ලෙස පරාජයට පත් කර තිබෙනවා.