වියට්නාමයේ හැලොන්ග් බොක්කෙහි සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

මෙම අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙකු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් වලට හැකි වී තිබෙන අතර මළ සිරුරු 27 ක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා ඉන් අට දෙනෙකු ළමුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

දකුණු චීන මුහුද හරහා හමා ගිය “වයිෆා” කුණාටුව හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති අතර තවමත් අතුරුදහන්වුවන් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් මේ වන විට දිවි ගලවා ගත් අය සෙවීමේ කටයුතුවලට අධික වර්ෂාව බාධාවක් වී ඇති බව ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ.

වොන්ඩර් සීස් ලෙස නම් කර ඇති මෙම යාත්‍රාව, පුද්ගලයින් 53 දෙනෙකු රැගෙන යමින් සිටි බවයි වියට්නාම දේශසීමා ආරක්ෂකයින් සහ නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එම පුද්ගලයන්ගෙන් බහුතරයක් හැනෝයි අගනුවර සිට පැමිණි වියට්නාම පවුල් වන අතර ළමුන් 20 කට වැඩි පිරිසක් ඒ අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ