පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබාදී ඇති සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

මේ අතර ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඩිජිටල් සේවා බද්ද ලබන වසරේ අප්‍රේල් 01 වනදා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී කරුණු දැක්වූයේ මෙලෙසයි.