විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳන්න තමාත් සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය කරන්න පුලුවන් ලොකුම සටන කර සාධාරණයක් ඉටු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දියත පොල්දූව මංසංධියේදී විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පැවැති ස්ථානයට එක්වෙමිනි.
B.C පෙරේරා වැටුප් කොමිසම හරහා ක්‍රියාත්මක වූ වැටුප් වැඩි වීම වසර තිහකට අධික කාලයක් නොලැබිම නිසා දැඩි අසරණ වූ ගුරු විදුහල්පති ක්ෂේත්රයේ 85,000ක් පමණ අගතියට පත්ව ඇති බවත් සමහරුවන්ට 40,000ක විශ්‍රාම වැටුපක් ලැබෙන විට සමහර අයට 120,000ක පමණ විශ්‍රාම වැටුප් ලැබෙන බවත් මේ බරපතල අසාධාරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා
මොවුන්ගේ අයිතිය ජයග්‍රහණය කරවන්න නායකත්වය දෙන බවත් අයවැය කතාවේ සහ විවාදයේදී කාරක සබා අවස්ථාවේ දී පවා මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන බවත් අවශ්‍ය නම් නෛතික පැත්තෙන් පවා නොමිලේ නීති සහාය දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.




