හංවැල්ල කහහේන ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර මතභේදකාරි තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී ඊයේ පස්චවරුවේ පිටත ප්‍රදේශයකින් පැමිණි චීවරධාරියකු ඇතුළු කිහිප දෙනෙකු එක්ව ප්‍රධාන විහාරස්ථානය ආසන්නයේම තවත් විහාර කුටියක් ඉදිකිරීම සදහා ඉඩම් කොටසක් බැලීමට යාමේදීයි.

එහිදී අදාළ චීවරධාරියා සමග පැමිණි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඔහු සතු ගිනි අවියක් පෙන්වා එම නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීමට උත්සහ දරා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී තරුණයකුට මරණ තර්ජන කිරීම හේතුවෙන් හංවැල්ල පොලිස් ස්ථානය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි කහහේන ප්‍රදේශයේ තරුණයෙකුට හංවැල්ල පොලිසිය තුළදී පොලිස් නිලධාරියකු පහරදී ඇති බවද වාර්තා වුණා.

ඉන් අනතුරුව හංවැල්ල පොලිස් ස්ථානය අසලට ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණීම හේතුවෙන් යළි නොසන්සුන්කාරී තත්තවයක් හටගෙන තිබෙනවා.

මේ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.