විශේෂ කාර්‍ය්‍ය බලකාය 41 වන රණවිරු ගුණ සැමරුම් උත්සවය 2025 සැප්තැම්බර් 01 වන දින විශේෂ කාර්‍ය්‍ය බලකාය කටුකුරුන්ද පුහුණු පාසලේ දී මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා හා විශේෂ කාර්‍ය්‍ය බලකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
1984 වසරේ සැප්තැම්බර් 01 වන දින යාපනය සහ පේදුරුතුඩුව අතර ටික්කම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගමන් ගත් ට්‍රක් රථයක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් අටවා තිබූ බිම් බෝම්බයකට හසුවිය.
එහිදී පොලිස් සැරයන් 2539 ආර්.එම්. චන්ද්‍රපාල , පොලිස් සැරයන් 4100 පී. ඒ ඒකනායක , පොලිස් සැරයන් 3928 එල්. ඩී නානායක්කාර සහ පොලිස් සැරයන් රියදුරු 13089 එච්. ඩී සුමනසේකර යන විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 4 දෙනා මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළා.
මෙම සිදුවීම විශේෂ කාර්ය බලකාය රණවිරු දිනය ලෙස නම්කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරන්නේ ඔවුන්ට ගෞරවය පුදකරමින්.
එතැන් පටන් විශේෂ කාර්‍ය්‍ය බලකායේ රණවිරුවන් 464 ක් හා සිවිල් සේවක මහතුන් 06 දෙනෙකු ජිවිතක්ෂයට සහ තවත් රණවිරුවන් 774 ක් යුධ බිමේ දී තුවාල ලබා රණක්ෂිතයට පත්වීම සිහි කරමින් සිදුකරන ලදි. මෙම ප්‍රධාන උත්සවයට සමගාමිව විශේෂ කාර්‍ය්‍ය බලකාය අම්පාර, කතරගම, අනුරාධපුර යන කඳවුරු වල රණවිරු ස්මාරක අභියස සැමරුම් උත්සව පවත්වනු ලැබේ.
Published