මිනුවන්ගොඩ, උන්නාරුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් බස්නාහිර උතුර ඒකකයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 01 යි, ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308 යි, මිලිග්‍රෑම් 66 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. මේ අතර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 11කට ආසන්න ප්‍රමණයක් සමග සරකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, ගොතටුව, මානිගමුල්ල ප්‍රදේශයේ සහ කඩුවෙල අධිවේගි මාර්ගයට ඇතුලුවන ස්ථානයේදීයි. එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 800කට අධික බවයි අනාවරණ වී ඇත්තේ.
Published