ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ වැඩබලන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අතර හමුවක් අද සිදු වුණා.
ජාතික ජන බලවේග රජයට එරෙහිව විපක්ෂය විසින් ලබන 21 වනදා නුගේගොඩ පවත්වන මහජන රැලිය පිළිබඳව එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා දැනුවත් කළ බවයි එම හමුවෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.
එම රැළියට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ.
එක්සත් ජාතික පක්‍ෂය පැවසුවේ එම රැළියට සහභාගිවීම සිය පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය.
කෙසේවෙතත් විපක්‍ෂයේ කණ්ඩායම් එකතු වුවද ඉන් සිය රජයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවා.




