ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන 21 වනදා ආණ්ඩුවට එරෙහිව සංවිධාන කර ඇති ජන රැළියට සහය පල කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එහි මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ඇය සඳහන් කළේ.

එම රැළියට සහභාගී වුවත් සමගි ජන බලවේගය සමග සිදු කරන සාකච්ඡා ඉදිරියටත් සිදු කරන බවයි තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කර ඇති ආණ්ඩු විරෝධී රැළියට තමන් සහභාගී නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේක මහතා සඳහන් කළේ.

21වනදා පැවැත්වීමට නියමිත රැළයේ සූදානම සම්බවන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වන අනුර ප්‍රියදර්ශන යාපා, සංජීව එදිරිමාන්න සහ ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරුන්ද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

රැළිය සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා මෙම

රැළියට සහය පළ කිරිමට සූදානම් බවයි.