අයවැය කාරක සභා අවස්ථා විවාදය 10 වන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

අද දින විවාදයට ගැණුණේ ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය, විද්‍යා සහ තාක්‍ෂණ අමාත්‍යංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.

විවාදය ආරම්භ කරමින් අදහස් පළ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතායි.

ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඉන් අනතුරුව විවාදයට එක් වුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විවාදයට එක්වෙමින් අදහස් පළ කළේ මෙලෙසයි.

ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ද විවාදයට එක් වුණා.