හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ වෙඩි නොවදින රථය සහ ආරක්‍ෂක නිලධාරින් ගමන් ගත් රථය යළි රජය වෙත භාර දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ලබා දී තිබූ එම රථ ජනාධිපති ලේකම්වරයා කළ ලිඛිත දැනුම්දීම මත භාර දුන් බවයි මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම රථ යළි ලබා දෙන ලෙසට ආරක්‍ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු පැවසුවා.