ඊසානදිග මෝසමේ බලපෑම අද සිට සිදුවිය හැකි බවට වාර්තාකර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ප්‍රධාන වශයෙන් පළාත් 04කට වැසි ඇතිවිය හැකි බවට දැනුම්දී ඇති බවයි.
මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ඇති නායයෑම් අවදානම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් අද දිනයේ වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට යළිත් මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්දොරටුවක් මේ වනවිට විවෘත කර තිබෙනවා.
එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මටට්ම සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යෑම සඳහා එම වාන් දොරටුව සුළු වර්ෂාවත් සමග විවෘත කළ බවයි.
මේ අතර ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත් අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද සඳහන් කළා.




