සිංහල හා දෙමළ පාසල් සඳහා දෙසැම්බර් 23 දින සිට 2026 ජනවාරි 04 දින දක්වා පාසල් නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
මුස්ලිම් පාසල් සඳහා ද දෙසැම්බර් 27 දින සිට 2026 ජනවාරි 04 දින දක්වා පාසල් නිවාඩු ලබා දෙන ඇති.
ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය 2025 දෙසැම්බර් 22 වන සඳුදා දිනයෙන් අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින අවසන් කිරීමටයි තීරණය කර ඇත්තේ.
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතයි.
2026 අධ්‍යයන වර්ෂයේ ප්‍රකාශිත පාසල් විභාග පැවැත්වෙන දිනයන්හි ද වෙනසක් සිදු නොවන බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
මේ අතර, 2026 වසරේ සිට දිවයින පුරා පිහිටි පාසල් ආවරණය වන පරිදි 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් සනීපාරක්ෂක තුවා ලබා දීමට අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා සිසුවියන් වෙත වාර්ෂිකව රුපියල් 1,440ක් වටිනා තිළිණපතක් ප්‍රදානය කිරීමට නියමිතයි.




