Published
සරල කරන ලද එකතු කරන ලැබූ අගය මත අය කරන බදු ක්‍රමය හෙවත් “එස් වැට්” වෙනුවට සාම්ප්‍රදායික වැට් ක්‍රමය ලබන ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි අවදානම් කළමණාකරණ අංශයේ කොමසාරිස් ප්‍රියංකා දිසා බණ්ඩාර මහත්මිය පැවසුවේ අන්තර්ජාතික අපනයනකරුවන් ඇතුලු ව්‍යාපාරිකයින් රැසක් රජයෙන් කරන ලද ඉල්ලීම මත නව තීරණය ක්‍රියාත්මක වන බවයි.
ඇය සඳහන් කළේ සාම්ප්‍රදායික වැට් ක්‍රමය තුළින් අන්තර් ජාතික වෙළඳාමේ නිරත අපනයනකරුවන්ට හිමි සහන මෙහිදී කප්පාදු නොවන බවයි. ඒ අනුව මෙතෙක් වවුචරයක් මගින් බදු ගෙවන ලද ක්‍රමය වෙනුවට මුදලින් බදු ගෙවීම සිදුවන බවද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානම් කළමණාකරණ අංශයේ කොමසාරිස් ප්‍රියංකා දිසා බණ්ඩාර මහත්මිය සඳහන් කළා. අවදානම මත කාණ්ඩ කිරීම තුළින් පහළ අවදානම් සහිත කර්මාන්තකරුවන් ඉහළ අවදානමට පත්විම වැළැක්වීමට උපදෙස් දෙන බවත් වැට් බදු ගොනු පවත්වාගෙන යන සෑම ව්‍යාපාරිකයෙකුම බදු වාර්තා නියමිත දිනට ලබාදීම, බදු මුදල් නියමිත වාරික ප්‍රමාණයෙන් ගෙවීම ඇතුලු අදාල නිර්ණායක සපුරාලිය යුතු බවත් කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවා.