Published
වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ත් 29ත් අතර පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මාරවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.
මෙම වෙඩි තැබීමට අදාළව ඊයේ දිනයේ දී ද රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.




