Published
වෙනිසියුලාවේ අගනගරය වන කැරකස්හි පිපිරීම් කිහිපයක් සිදු වී තිබෙනවා.
මෙලෙස පිපිරීම් හතක සිදු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් පිපිරීම් සිදු වීමට හේතුව සහ පිපිරීම් සිදුව ඇති ස්ථාන සම්බන්ධයෙන්ද මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.
මේ හේතුවෙන් කැරකස් නගරයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.




