පානදුර ප්‍රාදේශීය සභාවේ මුරකරුවකු වශයෙන් සේවය කරමින් සිටියදී ඔහු විසින් මුර කටයුතු සිදුකරන වාද්දුව දුම්රිය ස්ථානයේ අසල ඇති වෙළඳසැල් කඩ පේළියේ එක් වෙළඳ සැලක රාත්‍රී කාලයේදී ඇතුළු වී එම වෙළඳසැලේ තිබූ භාන්ඩ සොරකම් කරන අයුරු එම වෙළඳසැලේ සවිකර තිබූ සීසී ටී වී කැමරාවක සටහන්ව තිබෙනවා.
එම වෙළඳසැලේ හිමිකරු විසින් ඔහුගේ වෙළඳසැලේ භාණ්ඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වාද්දුව පොලිසියට සිදු කරන ලද පැමිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ ආරක්ෂා කිරීමට සේවයේ යොදවා ඇති මුරකරු බවයි.
වැඩිදුරටත් මෙම සොරකම සම්බන්ධයෙන් අනාවරණය වී ඇත්තේ මෙම මුරකරු විසින් එම වෙළඳසැලේ ඉබී යතුරට සමාන යතුරක් සකස් කොට රාත්‍රී කාලයේදී එම යතුරු යොදාගෙන වෙළඳසැලට ඇතුලු වී සොරකම් සිදුකොට ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුරකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.







