“අළු බඳුන” ක්‍රිකට් තරඟාවලියේ අද පැවති සිව්වන තරඟයේ පළමු දිනයේම දෙපිලේම කඩුලු විස්සක් බිඳ වැටුණා.

එම කඩුලු විස්සම දවා ගත්තේ වේග පන්දු යවන්නන්.

තරඟය පැවැත්වුණේ ඕස්ටේ්‍රලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහදරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 152කට සීමා වුණා.

පසුව සිය ප්‍රථම ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුණේ සියලු දෙනා දැවී ලකුණු 110ක් පමණයි.

නත්තල් දිනට පසුදින පැවති මෙම ටෙස්ට් තරඟය සාමාන්‍යයෙන් සැලකෙන්නේ “බොක්සින් දින” ටෙස්ට් තරඟය ලෙසයි.

මෙම තරඟය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 93,442ක් පැමිණ සිටියා.

එය සැලකුණේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉතිහාසයේ පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙසයි.