Published
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන් මෙරට 23,000කට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවල ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ ගැටලු ගණනාවක් මතුව ඇති බවයි. ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වෙමින් පවතින බවයි ඔහු පැවසුවේ.
මෙම ස්ථාන මාරු ක්‍රමවේදය ආයතන සංග්‍රහයේ පැහැදිළිව දක්වා ඇති බව පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා ඒකකය විසින් අත්තනෝමතික ලෙස මෙම කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලු මතුව ඇති බවයි.