සිය සාමාජිකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දිනයේ දිවයිනේ සමස්ත රෝහල් පද්ධතියේ කටයුතුවලට බාධා එල්ලවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළත් බොහෝ රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම වෛද්‍යවරුන් අද දිනයේ කොළඹ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මූලස්ථානය වෙත පැමිණෙන බවයි. වෛද්‍යවරුන් විශාල පිරිසක් එලෙස කොළඹට පැමිණීමට නියමිත බැවින් එම වෛද්‍යවරුන් සේවය කරන ස්ථානවල සේවාවන් බිඳ වැටීමට වැඩි ඉඩකඩක් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. වෛද්‍ය සංගමය ප්‍රකාශ කළ පරිදි රෝහල් කටයුතුවලට බලපෑම් එල්ල වෙලාද? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල තොරතුරු සොයා බැලීම සඳහා නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරුවන් යොමු කළා. මේ, මහනුවර ජාතික රෝහලේ පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු සොයා බැලූ මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

ගාල්ල ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු සොයා බැලුවේ නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්. දඹුල්ල සහ අවට ප්‍රදේශවල තත්ත්වය කෙසේද? ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාසගෙන්.