සිය සාමාජිකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දිනයේ දිවයිනේ සමස්ත රෝහල් පද්ධතියේ කටයුතුවලට බාධා එල්ලවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම වෛද්‍යවරුන් අද දිනයේ කොළඹ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මූලස්ථානය වෙත පැමිණීමට නියමිත බවයි. වෛද්‍යවරුන් විශාල පිරිසක් එලෙස කොළඹට පැමිණීමට නියමිත බැවින් එම වෛද්‍යවරුන් සේවය කරන ස්ථානවල සේවාවන් බිඳ වැටීමට වැඩි ඉඩකඩක් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.