මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබාදී නොමැති බව පවසමින් වෛද්‍යවරුන් මේ වන විට වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වනවා.

වැඩ වර්ජන ක්‍රියා මාර්ගයකට නොගොස් වෛද්‍යවරුන් මේ වන විට ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගයේ ස්වභාවය කුමක්ද?

එම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වූ නිශ්චිත කරුණු මොනවාද?

අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වුණා.

මේ, එම වැඩසටහනට එක් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සැබෑම හේතුව වෛද්‍යවරුන්ට ලබාදුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය නොලැබීම ද?

ඒ සම්බන්ධයෙන් ද මෙම වැඩසටහනේදී සෘජුව ප්‍රශ්න කෙරුණා.