Published
සිය ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සමිති නියෝජිතයින් කොළඹදී රැස්වීමට නියමිතව තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සිය සංගමයේ සියලුම ශාඛා සමිති රැස්වී ඊයේ දිනයේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග අද පැවැත්වෙන රැස්වීමේදී ගන්නා බවත් වැඩ වර්ජනයකට නොගොස් ගැටලු විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.