පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් ආයතනයේ පැවති සාදයකදී තරුණයෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළා.
ඒ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
එහිදී විමර්ශන සිදු කරන වැලිකඩ පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.
මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර නොමැති බව චෝදනා කළා.
මෙම පහර දීම සිදුවන අවස්ථාවේදී අදාළ ආයතනයේ සභාපතිවරයාද එම ස්ථානයේ සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පැවසූ නීතිඥවරිය ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර නොමැති බවත් කියා සිටියා.
එම ආයතනයේ සීසිටීවී දර්ශන ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීම තුළින් ඒ බව තහවුරු කර ගත හැකි බවත් නීතිඥවරිය කියා සිටියා.
එම cctv දර්ශන ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කළහොත් මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන්ද අනාවරණය කරගත හැකි බවයි නීතිඥවරිය කියා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා එහි ප්‍රගතිය ජූලි මස 27 වන දා ඉදිරිපත් කරන ලෙසත් නියම කළා.


