Published
2023 වසරේ පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ අත්සන ව්‍යාජව යොදා නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට සිටි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා 2023 වසරේ පෙබරවාර් 22 වනදා සිදු කළ පැමිණිල්ලකට අදාළවයි.
ඒ අනුව එම සිද්ධියට අදාළව පානදුර, පිංවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පළාත් පාලන මැතිවරණය සඳහා දෙහිවල, ගල්කිස්ස මහනගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් තරඟ කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නාමයෝජනා පත්‍රයක් ලබා දී ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව ව්‍යාජ ලේඛන සකස් කිරීම හා ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.