මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ රාත්‍රියේ මහනුවර නගරයේදී සිව්වන කුඹල් පෙරහැර වීථී සංචාරය කෙරුණා. සිව්වන කුඹල් පෙරහැරේදී ඉන්දිරාජා මංගල හස්තියා විසින් කෝට්ටේරාජා සහ පුලතිසිරාජා දෑල පිරිවරාගෙන සධාතුක පෙරහැර කරඬුව වැඩම කරවනු ලැබුවා. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර හෙට රාත්‍රියේ ආරම්භ වීමටද නියමිතව තිබෙනවා. අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කෙරෙනවා. මේ, ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර පැවැත්වීමට ඇති සූදානම සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන නෙත් නිවුස් මහනුවර වාර්තාකරු කමල් සුරවීර.