Published
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ ඇති නුසුදුසු යොමු කිරීම් සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොතට වැරදි කරුණු ඇතුළත් කර ඇති බවට අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පිළිගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ශ්‍රී ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් විදේශ රටවලින් පිටපත් කරන ලද ප්‍රතිසංස්කරණ නොව අපේම සමාජ හා සංස්කෘතික සන්දර්භයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.
රජයේ වෛද්‍ය නිල/ධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද බෞද්ධ ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලා.




