සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රිකට් තරඟාවලිය 2/1 ලෙස ජය ගත්තා.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285 ක් රැස් කිරීමට සමත් වුණා .

කුසල් මෙන්ඩිස් ලකුණු 124 ක්ද නායක චරිත් අසලංක ලකුණු 58ක් ද රැස් කරනු ලැබුවා.

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායමේ ටස්කින් අහමඩ් සහ මෙහිඩි හසන් මිරාස් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව සිය ජයග්‍රහණ ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලබා ගනිමට හැකිවුයේ ලකුණු 186ක් පමණයි.

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටෝහිඩ් හ්‍රිඩෝයි ලකුණු 51ලබා ගැනීමට සමත් වූ අතර මෙහිඩි හසන් මිරාස් ලකුණු 28ක් ,පර්වේස් හුසේන් එමොන් ලකුණු 28ක් සහ ජේකර් අලි 27ක් ලබා ගැනීමට සමත්වුනා

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර අතරේ කඩුලු 3බැගින් දවා ගැනීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග අතරේ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා