පකිස්ථානු මහකොමසාරිස් මේජර් ජනරාල් ෆහීම් යූඅයි අසීස් සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුන් අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා. ඒ, කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොවිජන මන්දිරයේදීයි. ශ්‍රී ලංකාව ඉතා වැදගත් රටක් වශයෙන් සළකන බවත් ඒ අනුව මෙරටට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට පකිස්ථානය ඉදිරිපත් වන බවත් පකිස්ථානු මහකොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට ද පකිස්ථානු මහ කොමසාරිස්වරයා එහිදී එකඟතාවය පළ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.