ශ්‍රී ලංකාවේ නිල සංචිත අඩු වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ඉදිරියේදී ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රටේ නිල සංචිත අඩු වීමට වාහන ආනයනයෙන් කිසිදු බලපෑමක් සිදුව නොමැති බවයි.

මෙරට නිල සංචිත වත්කම් ඉකුත් ජුනි මාසයේදී සියයට 3යි දශම 3කින් පහළ ගොස් ඇති බවට ඇතැම් වාර්තාවල දැක්වුණා.