Published
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
විස්තීර්ණ ණය පහසුකම් අරමුදලේ පස්වන සමාලෝචනය ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කර ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ.
මෙම එකඟතාවයෙන් අනතුරුව අමෙරිකානු ඩොලර් මිලියන 347ක ණය පහසුකමක් ශ්‍රී ලංකාවට හිමි වීම නියමිත අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිවිය යුතු වනවා.



