ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ 60 වැනි සංවත්සරය සමරන මෙම වැදගත් අවස්ථාවේදී, මාලදිවයින වෙත කෙරෙන සිය සංචාරය වඩාත් වැදගත්කමක් උසුලන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තමන්ට සහ තම නියෝජිත පිරිසට ලබාදුන් උණුසුම් පිළිගැනීම වෙනුවෙනුත් ආගන්තුක සත්කාරය වෙනුවෙනුත් ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට සිය අවංක කෘතඥතාව පළ කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමග මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා.
දෙරටටේ ජනතාවගේ පොදු යහපත පිණිස දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ පවතින සම්බන්ධතා විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී හඳුනාගත් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
මාලදිවයින් ආයෝජකයින්ට විශ්වාදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.











