ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 03ක තියුණු පරාජයක් වැළඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

තරඟාවලිය පැවැත්වුණේ කටාර් රාජ්‍යයේ දෝහාහිදීයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 07ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.