නිල සංචාරයක් සඳහා මෙරරට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සුහද සාකච්ඡාවක් අද පැවැත්වුනා
ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගම් කාර්යාලයේදීයි
ඔස්ට්‍රේලියාවේ බලයට පත් වූ නව රජයට සුබපැතූ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු රජය අඛණ්ඩව ලබා දෙන සහාය පිළිබඳව සිය ප්‍රසාදය පළකර සිටියා.
ඔස්ට්‍රේලියානු නව රජය ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සබඳතා වර්ධනය කරගැනීමටත්, සබඳතා ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බව ද ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිවරයා ප්‍රකාශ කළේ ය.
දෙරට අතර සමුද්‍රීය සහයෝගීතාවය පිළිබඳව විශේෂ අවධානයක් මෙම සාකච්ඡාවේ දී යොමු වූ අතර කලාපීය ආරක්ෂාව සහ කලාපයේ සාමය වෙනුවෙන් දෙරට සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම රිචඩ් මාලස් මහතා මහතා අවධාරණය කළේ ය.
මිනිස් ජාවාරම් අවම කිරීම සම්බන්ධයෙන් දෙරට අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ ඒ මහතා තවදුරටත් එම අංශය දෙරටේ සහයෝගීතාවයෙන් ශක්තිමත් කළ යුතු බවට ද යෝජනා කර සිටියා.
කලාපීය සහ කලාපයෙන් ඔබ්බට දෙරටටම වැදගත් ගෝලීය ප්‍රවනතාවන් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන් අතර ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයට ලබා දෙන පුහුණුව සහ ධාරිතා ඉහළ නැංවීමේ වැඩසටහන් පිළිබඳව ද අගය කළේ ය.
මීට අමතරව දෙරට අතර පවත්නා ද්විපාර්ෂවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් ඇති අවස්ථා පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.