ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද පැවැත්වෙන දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 177ක් රැස් කිරීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ලිටන් දාස් පන්දු 50ක් තුළ ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුනා.

ෂමිම් හොසේන් පන්දු 27ක් තුල ලකුණු 48ක් රැස්කිරීමට සමත්වුනා

ඒ අනුව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම හිමිව ඇති ඉලක්කය ලකුණු 178ක්.

පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 3ක් දාවා ගැනීමට සමත් වුනා.