Published
ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ පිතිකරණ ශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වෙන තුන්වන සහ අවසන් පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය පිළිබඳ අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවයි සනත් ජයසූරිය සඳහන් කළේ.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද රාත්‍රී 07.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.