Published
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට පහක දඩයක් නියම කර තිබෙනවා ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙනි. ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කර ඇත. යෝජිත දඬුවම නායක චරිත් අසලංක පිළිගෙන ඇති බවයි ICC නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.