Published
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තානය පවසනවා.
තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග එරට පාර්ලිමේන්තුවට අද දැනුම්දෙමින් ඔහු මේ බව සඳහන කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තවද පාකිස්තාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් මහතා ද මෙම ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුම්වත්කර ඇති බවද සඳහන් වනව
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පසුගිය අඟහරුවාදා (11) පැවති පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයකට පෙර පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 27කට තුවාල සිදුකරමින් එරට අගනුවර වන ඉස්ලාමාබාද් හි අධිකරණයක් ඉදිරිපිට දී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවිය.




