2025 එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු 10කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 12කට මුහුණ දී සිටියදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව තරඟය පන්දුවාර 20කට සීමා කිරීමට තරඟ තීරකවරයා තීරණය කළා.
නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී රැස්කළ ලකුණු සංඛ්‍යාව 105ක්.
විශ්මි ගුණරත්න ලකුණු 34යි. නිලක්ෂිකා සිල්වා ලකුණු 18ක් සහ නායිකා චමරි අතපත්තු ලකුණු 11ක් රැස් කර සිටියදී දැවී ගියා.
ඒ අනුව තරඟය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර විස්ස තුළ හිමි වූ ඉලක්කය ලකුණු 121ක්.
පන්දුවාර 14යි පන්දු 5ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 125ක් රැස් කරමින් තරඟය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.