මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය, 2025 දෙසැම්බර් 15 දින සෙමියෝ ප්‍රදේශයේ සටන්කාරී තත්ත්වයකදී තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු හදිසියේ ඉවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

එහිදී Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් සෙමියෝ මෙහෙයුම් කඳවුරෙන් කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි සතුරු මෙහෙයුම් ප්‍රදේශයක, ආරක්ෂක අවදානමක් පවතින අවස්ථාවක මෙම මෙහෙයුම සාර්ථකව නිම කිරීමට ගුවන් කාර්ය මණ්ඩලයට හැකි වි තිබෙනවා.

මෙම මෙහෙයුමේදී ප්‍රධාන ගුවන් නියමුවා ලෙස වින්ග් කමාන්ඩර් නෙල්සන් ද සිල්වා කටයුතු කල අතර සහායක ගුවන් නියමුවා ලෙස ෆ්ලයිට් ලෙප්ටිනන් අරුනෝද ඒකනායක යන ගුවන් නියමුවන් කටයුතු කර තිබෙනවා.

ගුවන් කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය කණ්ඩායම විසින් තුවාල ලැබූ නිලධාරීන් හට ගුවන් ගමන පුරා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙන අතර පැයයි මිනිත්තු 45ක ගුවන් ගමනකින් පසු තුවාල ලැබූ නිලධාරීන් ආරක්ෂිතව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ගුයි නගරය වෙත ප්‍රවාහනය සිදු කරන ලැබුවා.