ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස එම පක්ෂයට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල පෙබරවාරි මස 06 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

මෙම නඩුකරය හා සම්බන්ධ නියෝගයක් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එම නියෝගය පෙබරවාරි මස 06 වනදා ප්‍රකාශයට පත්කරන බවයි දිසා අධිකරණය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ව පිළිගනිමින් දිසා අධිකරණය මගින් මීට පෙර නියෝග නිකුත් කර තිබෙන බව පැමිණිකාර දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එම නියෝග වලට අනුව තමන්ට එම ධුරයේ බාධාවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් දයාසිරි ජයසේකර මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.