සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟය පස්වරු 02:30ට ආරමභ වීමට නියමිතයි. මෙම තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ දෙකෙන් එක් තරඟය බැගින් ජය ගැනීමට කණ්ඩායම් දෙකම සමත්ව සිටීම හේතුවෙන්තරඟාවලියේ ජයග්‍රහණය මෙම තරඟයේ ප්‍රතිඵලය මත තීරණය වනවා.
ඒ අනුව අද තරඟය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. බංග්ලාදේශ කණ්ඩායම මේ දක්වා ශ්‍රී ලංකාවේදී එක්දින තරඟාවලි 07කට ක්‍රීඩා කර ඇති අතර ඉන් කිසිදු තරඟාවලියක් ජයගෙන නැහැ.
අද තරඟය සඳාහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පවතින සූදානම සම්බන්ධයෙන් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මෙලෙස අදහස් දැක්වූවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් තම මව්බිමේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින තරඟාවලියකින් පරාජයට පත්ව නොමැති බැවින් අද පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එය අමතර පීඩනයක්දැයි මාධ්‍යවේයෙකු යොමු කළ ප්‍රශ්නයකට ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මෙලෙස පිළිතුරු ලබා දුන්නා.