සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 05ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 15ක් රැස් කරගෙන සිටියා.

පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර නිශාන් මධුෂ්ක දැවී ගියේ ලකුණු හයකටයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක එක්දින වරම් හිමිකර ගැනීම විශේෂත්වයක්.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් 217 වන ක්‍රීඩකයා ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙම තරගයේදී එක්දින වරම් හිමිකර ගත්තා.

තන්වීර් ඉස්ලාම් සහ හොසේන් ඉමෝන් එම ක්‍රීඩකයින් දෙදෙනායි.