බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

බැංකු අයකරන පොලිය සම්බන්ධයෙන් එම බැංකුවලට නියෝග නිකුත් කිරීමට තමන්ට නොහැකි බවයි මහ බැංකුව පවසන්නේ.

කෙසේවෙතත් අසාධාරණ ලෙස පොලී අනුපාත අයකරන්නේ නම් එම විෂමතා සොයා බැලීමට මැදිහත්වීමේ හැකියාව පවතිනවා.

එවැනි පැමිණිලි පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ 19 35 ක්ෂණික දුරකතන අංකයට දැනුම්දිය හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.