ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ දින වන විට රුපියල් ටි්‍රලියන දෙකෙහි කඩඉම ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ලඟා වෙමින් ඇති බවයි වාර්තා වන්නේ.
ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව එම වාර්ථාගත ආදායම ලබා තිබෙනවා. මෝටර් රථවලින් ලබා ගත් රුපියල් බිලියන 630ක් එම ආදායමට අන්තර්ගත වී ඇති බවයි වාර්තා වන්නේ. රේගුව පවසන්නේ වසර අවසාන වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක් පමණ අතිරේකව එක් රැස් කරගත හැකිවනු ඇති බවයි.