ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කර, ඔහු පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන්ම අද(23) දින සවස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

එතුමා මෙරට රැදී සිටි කාළය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

එතුමා ඇතුළු එරට පිරිස ඔවුන් පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයිඑෆ්.සී.- 031 දරන ගුවන් යානයෙන්ම අද(23) දින සවස 05.49 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

විදේශ අමාත්‍යවරයාට සමු දීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.