නේපාලයේ පැවති 2025 ආසියානූ සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරගකරුවන් 13 දෙනා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා එම තරගාවලියේ රන් පදක්කම් 27 ක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් වශයෙන් සමස්ථ පදක්කම් 34 ක් දිනා ගෙන 08/21 මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් වල තරගකරුවන් 200 කගේ සහභාගීත්වයෙන් ඉකුත් 15 දින සිට 17 දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පවත්වා තිබුණා එහිදී රන් පදක්කම් 27 ක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් වශයෙන් සමස්ථ පදක්කම් 34 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම තරගාවලියේ වැදගත්ම ඉසව්ව වූ විවෘත අංශයේ තරගයෙන් රන්සිළු ජයතිලක සහ හිරුණි ජයසිංහ රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි . එසේම මෙම තරගාවලියේ දී රන්සිළු ජයතිලක කිලෝ ග්‍රෑම් 310 ක් ඔසවමින් නව ආසියානූ - ෆැසිපික් වාර්තාවක් තැබීමට සමත් වී තිබූ අතර රන්සිළු ආසියානූ තරගාවලියක 07 වන වරට පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයකි . මෙම පිරිස අද දින උදෑසන 06.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට එයාර් ඉන්ඩියා ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් , ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් විශල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .