Published
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය මෙරට වෙලාවෙන් පස්වරු 01ට ආරම්භ වීමට නිමිතව තිබෙනවා. ඒ, හරාරේහිදීයි. දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ අවසන් පන්දු වාරයේදී ඩිල්ෂාන් මදුශංක ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟය ජය ගනු ලැබුවේ ලකුණු 07කින්. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 298ක්. නියමිත පන්දු වාර 50 අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 291 ක් පමණයි.