Published
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද පැවැත්වෙන දෙවන එක්දින තරඟයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යහපත් මානසිකත්වයකින් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා පවසනවා. ඔහු පැවසුවේ පළමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ රටාව පිළිබඳ සෑහීමකට පත් විය හැකි බවයි.
පළමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුෂංක ලබා ගත් කඩුලු ත්‍රිත්වය සම්බන්ධයෙන්ද මෙහිදී ඔහු වැඩිදුරටත් අදහස් පළ කළා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය මෙරට වෙලාවෙන් අද පස්වරු 01ට ආරම්භ වීමට නිමිතව තිබෙනවා. ඒ, හරාරේහිදීයි.