Published
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. තරඟාවලියට තරඟ තුනක් ඇතුළත්. පළමු තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 05.00ට ආරම්භ වන්නේ හරාරේ ක්‍රීඩාංගනයේදීයි. ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ අංක 04 පිතිකරු ස්ථානය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වයන් මෙම තරඟාවලියේදී විසඳාගත හැකිවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ දක්වා පවත්වා ඇත්තේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ 06ක් පමණයි. ඉන් පහකම ජය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. අවසන් වරට දෙරට අතර පන්දුවාර විස්ස තරඟයක් පවත්වා ඇත්තේ 2024 ජනවාරි මාසයේදීයි. එමෙන්ම ශ්‍රී ලංකාව සිම්බාබ්වේදීහි කිසිදු පන්දුවාර විස්සයි විස්ස තරඟයකට මෙතෙක් ක්‍රීඩා කර නැහැ.